පොකෙමන් රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි ‘Pokémon Tales: The Misadventures of Sirfetch’d & Pichu’ නමින් අලුත්ම ස්ටොප්-මෝෂන් ඇනිමේෂන් කතා මාලාවක් ඩිස්නි ප්ලස් (Disney+) හරහා ප්රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන බව. මේ වැඩසටහන නිර්මාණය කරන්නේ ප්රසිද්ධ ‘Aardman’ ඇනිමේෂන් ස්ටුඩියෝ එක මගින්. මේ කතා මාලාව 2027 වසරේදී ඩිස්නි එක්ස්.ඩී (Disney XD) සහ ඩිස්නි ප්ලස් හරහා ලොව පුරා විකාශය වෙන්න නියමිතයි. මෙහිදී සර්ෆෙච්ඩ් සහ පිකාචු ගලර් කලාපය පුරා යන වික්රමාන්විත ගමනක් ගැන තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.
මේ ගමනේදී ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දෙන අතරේම අලුත් මිතුරන් හමුවෙනවා වගේම හිනා වෙන්න පුළුවන් සිදුවීම් රැසක් සිද්ධ වෙනවා. මේ අලුත් ගිවිසුම යටතේ පොකෙමන් රසිකයන්ගේ ආදරය දිනාගත්ත පැරණි ‘Pokémon the Series: The Beginning’ කතා මාලාවත් දැන් ඩිස්නි ප්ලස් ඔස්සේ නැවත නරඹන්න පුළුවන්. ඩිස්නි ආයතනය පවසන විදිහට මේ නිර්මාණ හරහා පොකෙමන් ලෝකය අලුත් විදිහකට අත්විඳින්න රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් පොකෙමන් ලෝලීන්ට නම් මේක ඇත්තටම සුපිරි ආරංචියක් වේවි.

Discussion & Feedback