මේ වසරේ ලෝක සිනමා ඉතිහාසයේ අලුත්ම වාර්තාවක් තියන්න වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් ආයතනයට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව 2026 වසරේදී ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියන 3ක සීමාව ඉක්මවා ගිය පළමු චිත්රපට නිෂ්පාදන ආයතනය බවට ඩිස්නි පත්වෙලා ඉන්නවා. මේ ජයග්රහණය පිටුපස ප්රධානම සාධකය වෙලා තියෙන්නේ පසුගිය දිනවල තිරගත වුණු ‘ටෝයි ස්ටෝරි 5’ චිත්රපටයයි. එය පික්සාර් ඇනිමේෂන් ඉතිහාසයේ දෙවැනි හොඳම ආරම්භය සනිටුහන් කරමින් මේ වන විටත් ඩොලර් මිලියන 367කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තියෙනවා.
මීට අමතරව ‘ඩෙවිල් වෙයාර්ස් ප්රාඩා 2’, ‘ස්ටාර් වෝර්ස්: මැන්ඩලෝරියන් ඇන්ඩ් ග්රෝගු’ සහ ‘හොපර්ස්’ වැනි චිත්රපට රැසක්ම මේ සාර්ථකත්වයට ලොකු දායකත්වයක් ලබා දුන්නා. පසුගිය වසර දහය තුළ වසර නවයකදීම ලෝකයේ අංක එකේ චිත්රපට නිෂ්පාදන ආයතනය ලෙස කිරුළු දරන්න ඩිස්නි ආයතනයට හැකි වුණා. ඔවුන්ගේ සියලුම චිත්රපට මේ වසරේදී බොක්ස් ඔෆිස් ශ්රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය දිනාගැනීම විශේෂත්වයක්.
ඉදිරියේදීත් ‘මොආනා’ ලයිව් ඇක්ෂන් චිත්රපටය සහ මාර්වල් ස්ටූඩියෝස් වෙතින් එන ‘ඇවෙන්ජර්ස්: ඩූම්ස්ඩේ’ වැනි දැවැන්ත නිර්මාණ කිහිපයක්ම ප්රේක්ෂකයන් අතරට එන්න නියමිතයි. ඒ වගේම ‘ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්’ චිත්රපටය අලුත් තාක්ෂණික අංග සහ අමතර දර්ශන එක් කරමින් නැවත තිරගත කිරීමටත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ නිසා 2026 වසර ඩිස්නි ආයතනයට ඉතාමත් සාර්ථක වසරක් වේවි කියලා සිනමා විචාරකයෝ පවසනවා.

Discussion & Feedback