අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී බොලිවුඩ් නිළි අයේෂා ඛාන්ව මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘ධුරන්දර්’ චිත්‍රපටයේ ‘ෂරාරත්’ ගීතය හරහා ජනප්‍රිය වූ ඇය, සිදුවීම සිදුවන අවස්ථාවේදී තමන් කිසිදු විරෝධතාවක නිරත නොවූ බවත්, තම සහෝදරයා සහ මිතුරන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් එනතුරු බලා සිටි බවත් පවසනවා. තමන් කිසිදු නීතියක් උල්ලංඝනය කර නොමැති බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ වීඩියෝ දර්ශනවලින් ප්‍රශ්න කර සිටිනවා.
තමන්ව බලහත්කාරයෙන් පොලිස් රථයකට නංවාගෙන වෝර්ලි පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බව අයේෂා වැඩිදුරටත් සඳහන් කරනවා. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පොලිස් රථය තුළ සිටින වීඩියෝවක් ද ප්‍රසිද්ධ කර තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිසුන් සිදු කළ මෙම උද්ඝෝෂණයට සිනමා ක්ෂේත්රයේ තවත් පිරිසක් සහයෝගය පළ කර තිබූ අතර, අයේෂාගේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. කෙසේ වෙතත්, මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් තිබෙනවා.

Discussion & Feedback