හොලිවුඩ් සිනමා කර්මාන්තයේ දැවැන්ත සමාගම් දෙකක් වන පැරාමවුන්ට් සහ වෝනර් බ්රදර්ස් ඩිස්කවරි ඒකාබද්ධ වීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු කඩිනමින් විසඳා ගන්නා ලෙස හොලිවුඩ් වෘත්තීය සමිති දෙකක් වන DGA සහ IATSE බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙම ගනුදෙනුවට එරෙහිව කැලිෆෝනියා ප්රාන්තයේ නීතිපතිවරයා නඩු පවරා තිබෙන අතර, එම නඩුව 2027 වසර දක්වා ඇදී යාමේ අවදානමක් පවතිනවා. මෙම ප්රමාදය සිනමා ක්ෂේත්රයේ සේවකයන් ලක්ෂ දෙකකට පමණ දැඩි බලපෑමක් එල්ල කරන බවත්, රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙනවා.
පැරාමවුන්ට් සමාගමේ ප්රධානී ඩේවිඩ් එලිසන් පවසා ඇත්තේ නීතිපතිවරයා මෙම නඩුව විසඳීමට කටයුතු නොකළහොත් තමන් කැලිෆෝනියාවෙන් සිය ව්යාපාර ඉවත් කර ගන්නා බවයි. කෙසේ වෙතත්, නීතිපති රොබ් බොන්ටා මෙම තර්ජනය හඳුන්වන්නේ නීති විරෝධී ගනුදෙනුවක් අනුමත කරවා ගැනීමට කරන බ්ලැක්මේල් කිරීමක් ලෙසයි. දැනටමත් කැලිෆෝනියාවේ චිත්රපට නිෂ්පාදන කටයුතු 40%කින් පමණ පහත වැටී ඇති පසුබිමක, මෙම නීතිමය ගැටුම තවදුරටත් ඇදී යාම කර්මාන්තයේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබෙනවා. එම නිසා, දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වන පරිදි කටයුතු කරන ලෙස වෘත්තීය සමිති අවධාරණය කරනවා.

Discussion & Feedback