මේ දවස්වල ලෝකය පුරාම කතාබහට ලක්වෙන ප්‍රධානම මාතෘකාවක් වෙලා තියෙන්නේ ‘එල් නිනෝ’ (El Niño) කියන කාලගුණික තත්ත්වය ගැනයි. විද්‍යාඥයන් පවසන විදිහට මේ වතාවේ ඇතිවෙලා තියෙන එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම අවස්ථාව බවට පත්වෙලා තියෙනවා. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශක 3.05කින් ඉහළ ගිහින් තියෙනවා. මේක ඇත්තටම හිතාගන්න බැරි තරම් විශාල වෙනසක්. මේ තත්ත්වය නිසා ලෝකයේ විවිධ රටවලට දැනටමත් දරුණු බලපෑම් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ලැව්ගිනි නිසා මිලියන 12.5කට අධික ජනතාවක් පීඩාවට පත්වෙලා ඉන්නවා.
එල් නිනෝ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට හෝ හතකට වරක් ස්වභාවිකවම සිදුවන දෙයක්. මේ කාලෙට සාගරයේ උණුසුම් ජලය වායුගෝලයට මුදා හැරීම නිසා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට සමහර රටවලට ගංවතුර සහ කුණාටු ඇතිවෙන අතර තවත් රටවලට දැඩි නියඟය සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ මෝසම් වැසි අඩුවීම සහ ඇමරිකාව වගේ රටවල ඇතිවෙන කාලගුණික වෙනස්කම් මේකට හොඳම සාක්ෂි. මේ එල් නිනෝ තත්ත්වය තවමත් එහි උපරිමයට පැමිණ නැති නිසා ඉදිරි සති කිහිපය තුළ ලෝක කාලගුණයේ තවත් විශාල වෙනස්කම් බලාගන්න පුළුවන් වේවි කියලා තමයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback