මේ දවස්වල යුරෝපයේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන දරුණු ලැව්ගිනි නිසා විශාල විනාශයක් සිද්ධ වෙනවා. මේ වන විටත් තුන් ලක්ෂයකට අධික පිරිසකට තමන්ගේ නිවෙස් අතහැර දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රංශයේ බෝඩෝ නගරය ආශ්රිත ප්‍රදේශවල තත්ත්වය හරිම බරපතළයි. දවස් හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත වර්ග සැතපුම් 162කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. මේ ගින්න කොච්චර දරුණුද කියනවා නම්, ඒකෙන් ඇතිවෙන තාපය නිසාම අහසේ අකුණු ගහන වලාකුළු පවා නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ අමුතු කාලගුණික තත්ත්වයන් නිසා ගින්න පාලනය කරන එක ගිනි නිවන භටයන්ට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා.
මේ ගින්න නිවන්න ප්‍රංශය සහ ස්පාඤ්ඤය විශාල උත්සාහයක් ගන්නවා. ගුවන් යානා මගින් වතුර සහ ගිනි නිවන රසායනික ද්‍රව්‍ය ඉහින අතරේ, දහස් ගණනක් ගිනි නිවන භටයන්, හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් බිම් මට්ටමින් ගින්න මැඩපවත්වන්න වැඩ කරනවා. ගින්න තවදුරටත් පැතිරෙන එක නවත්වන්න මීටර් 100ක් විතර පළලට ගස් කොළන් කපලා ‘ගිනි බාධක’ හදන්නත් පියවර අරගෙන තියෙනවා. දේශගුණික විපර්යාස නිසා ඇති වෙලා තියෙන අධික උණුසුම සහ වියළි කාලගුණය මේ ලැව්ගිනි තව තවත් දරුණු වෙන්න බලපානවා. ඉදිරි දවස්වලත් උෂ්ණත්වය තව වැඩි වෙන්න පුළුවන් නිසා තත්ත්වය තවත් බරපතළ වෙයි කියලා තමයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback