මේ වසරේ අගෝස්තු 23 වෙනිදා වන විට ලංකාවෙන් වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,037ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කරපු අලුත්ම දත්තවලට අනුව මේ වන විට ඩෙංගු නිසා සිදුවුණු මරණ සංඛ්‍යාව 71ක්. වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒක මුළු රෝගීන්ගෙන් 52.9%ක් වගේ විශාල ප්‍රමාණයක්. විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. ජූලි මාසයේදී රෝගීන් 29,962ක් වාර්තා වීමත් එක්ක රෝග ව්‍යාප්තියේ ලොකු වැඩිවීමක් දකින්න ලැබුණා.
දැනට දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 809ක් විතර අලුතින් වාර්තා වෙනවා. සෞඛ්‍ය අංශ හඳුනාගෙන තියෙන අධි අවදානම් සහිත ප්‍රදේශ 76ක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කරගන්න නම් අපි හැමෝම හරිම පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ වටපිටාවේ මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරන්න පියවර ගන්න. උණ හෝ වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් පරක්කු නොවී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න කියලා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ නිවස සහ අවට පරිසරය පිරිසිදුව තියාගැනීම තමයි මේ වසංගතයෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය.

Discussion & Feedback