මේ දිනවල ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් මතුවෙලා තියෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කරපු අලුත්ම දත්තවලට අනුව, ජූලි 19 වෙනිදා මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක් දක්වා ඉහළ ගිහින්. විශේෂයෙන්ම ජූලි මාසයේ දින 19ක් ඇතුළත විතරක් රෝගීන් 20,666ක් වාර්තා වෙලා තියෙන එකෙන් පේන්නේ මේ තත්ත්වය කොයිතරම් බරපතළද කියන එකයි. දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් අධි අවදානම් කලාප විදිහට හඳුනාගෙන තියෙනවා.
මේ රෝග ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ බස්නාහිර පළාතටයි. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් විතරක් රෝගීන් 31,000කට වඩා වාර්තා වෙලා තියෙනවා. මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගය නිසා මරණ 53ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ අවට පරිසරය පිරිසිදුව තියාගන්න කියලා. මොකද මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම තමයි මේ රෝගය පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය.
ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට උණ රෝග ලක්ෂණ තියෙනවා නම්, කිසිම විදිහකින් ගෙදරදීම ප්‍රතිකාර ගන්න යන්න එපා. වහාම ළඟම තියෙන රෝහලකට හෝ වෛද්‍යවරයෙක් හමුවෙලා අවශ්‍ය පරීක්ෂණ කරගන්න. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් එක්ක මදුරුවන් බෝවීම වැඩි වෙන්න පුළුවන් නිසා, හැමෝම මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

Discussion & Feedback