මේ දවස්වල ලංකාව පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වේගයෙන් වැඩි වෙලා තියෙනවා. දැනට ලැබිලා තියෙන දත්තවලට අනුව මුළු රටෙන්ම වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් ගණන 49,000ක් දක්වා ඉහළ ගිහින්. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියන විදිහට, මේ තත්ත්වය හරිම බරපතළයි. ඒ නිසා මේ රෝගය පැතිරෙන එක පාලනය කරගන්න නම් මහජනතාවගේ සහයෝගය සහ දැනුවත්භාවය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
මදුරුවන් බෝවෙන ස්ථාන ගැන පැමිණිලි කරන්න සහ අවශ්‍ය උපදෙස් ලබාගන්න ඩෙංගු මෙහෙයුම් මැදිරියක් දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා 0117 966 366 කියන අංකයට සතියේ දවස්වල උදේ 8 ඉඳන් රෑ 8 වෙනකනුත්, සෙනසුරාදා දවස්වල උදේ 8 ඉඳන් දවල් 12 වෙනකනුත් කතා කරන්න පුළුවන්. දැනටමත් මේ මැදිරියට පැමිණිලි 47ක් ලැබිලා තියෙනවා. ඒ වගේම, නිරිතදිග මෝසම් වැසිත් එක්ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන් නිසා, රට පුරාම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි මේ වැඩසටහන ජුනි 26 වෙනිදා දක්වාම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලා ඉන්න අවට පරිසරය පිරිසිදුව තියාගෙන මදුරුවන් බෝවෙන තැන් විනාශ කරන්න වග බලා ගන්න.

Discussion & Feedback