මේ දිනවල රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමත් සමඟම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අධ්යක්ෂ යූ.ජී. ශාන්ත ගමගේ මහතා පවසනවා. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. සමාජය තුළ මත්ද්‍රව්‍යවල හිඟයක් පවතින බවට මේ වන විටත් තහවුරු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය නතර කර ප්‍රතිකාර ලබා ගැනීමට ඉදිරිපත් වන පිරිස සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස ප්‍රතිකාර සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, කෙටි කාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හයක් ස්ථාපිත කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාමත් යහපත් ප්‍රවණතාවක් බවත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් බලධාරීන් පෙන්වා දෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ඉදිරියේදී තවත් පුනරුත්ථාපන පහසුකම් වැඩි දියුණු කිරීමට නියමිතයි.

Discussion & Feedback