ඉන්දියාවේ තරුණ පරපුරේ විරෝධතා රැල්ලක් නිසා එරට අධ්‍යාපන ඇමතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පස්සේ, මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් අමුතුම ආකාරයේ වෙනසක් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් වගේ සමාජ මාධ්‍යවල තරුණ පරපුර අතර ජනප්‍රිය වෙලා තියෙන ‘Gen Z’ වචන සහ ස්ලෑන්ග් (slang) මේ දවස්වල ලෝක් සභාවේ දේශපාලන වාද විවාදවලටත් එකතු වෙලා තියෙනවා. ‘Cockroach Janta Party’ කියන තරුණ කණ්ඩායම විසින් දියත් කරපු විරෝධතා නිසා ඇති වුණු මේ බලපෑම නිසා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පවා ‘delulu’, ‘clock it’ සහ ‘FOMO’ වගේ වචන තමන්ගේ කතාවලට පාවිච්චි කරනවා අපිට අහන්න ලැබුණා.
මේ සිදුවීම ගැන දේශපාලන විචාරකයෝ කියන්නේ දේශපාලනඥයෝ හැමතිස්සෙම තමන්ගේ ඡන්දදායකයන් ඉන්න තැනට අනුව තමන්ගේ භාෂාව වෙනස් කරගන්න දක්ෂ පිරිසක් කියලයි. මීට කලිනුත් සිනමා පටවල තියෙන ජනප්‍රිය දෙබස් දේශපාලන වේදිකාවලට එකතු වුණා වගේම, මේ පාර තරුණ පරපුරේ අන්තර්ජාල භාෂාව පාර්ලිමේන්තුවටත් කඩා වැදිලා තියෙනවා. කොහොම වුණත්, මේක තරුණ පරපුරේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුමක් ලැබෙන එකක්ද නැත්නම් හුදෙක් දේශපාලන නාටකයක්ද කියන එක ගැන තවමත් ලොකු කතාබහක් තියෙනවා. මොකද, කැමරා කෝණ වෙනස් කරනවාට වඩා තරුණ පරපුරේ සැබෑ ගැටලුවලට උත්තර දෙන එක තමයි වැදගත් කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු පවා ආණ්ඩුවට මතක් කරලා දෙනවා.

Discussion & Feedback