ලෝකයේ වායු දූෂණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය අවම කරගන්න රජය අලුත්ම වැඩපිළිවෙළක් පටන් අරන් තියෙනවා. ඒ අනුව, 2020 අප්‍රේල් මාසයට පෙර මිලදී ගත් පැරණි වාහන ඉවත් කර ඒ වෙනුවට විදුලි වාහනයක් (EV) මිලදී ගන්නා අයට ඇමරිකානු ඩොලර් 1,000කට වැඩි මුදලක් එනම් ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික දිරිගැන්වීමක් ලබා දෙනවා. මේ වගේම රුපියල් මිලියන 3කට අඩු විදුලි වාහන සඳහා මාර්ග බදු සහ ලියාපදිංචි ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් බලධාරීන් පියවර අරන් තියෙනවා.
මේ වැඩපිළිවෙළ යටතේ විදුලි ස්කූටර් සහ යතුරුපැදි මිලදී ගන්නා අයටත් විශේෂ සහන ලැබෙනවා. 2030 වන විට දිල්ලියේ වාහනවලින් 30%ක් විදුලි වාහන බවට පත් කිරීම තමයි රජයේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ වගේම 2027 සිට කුඩා ලොරි සහ ත්‍රිරෝද රථත්, 2028 සිට යතුරුපැදිත් විදුලි බලයෙන් පමණක් ධාවනය වන ඒවා ලෙස ලියාපදිංචි කිරීමට නියමිතයි. මේ හරහා පෙට්‍රල් වාහන භාවිතය ක්‍රමයෙන් අඩු කරන්න රජය බලාපොරොත්තු වෙනවා.
පරිසරවේදීන් මේ පියවර අගය කළත්, ඔවුන් කියන්නේ වායු දූෂණය සම්පූර්ණයෙන්ම නැති කරන්න නම් ඉදිකිරීම් දූවිලි, කර්මාන්තශාලා දුම සහ කුණු පුළුස්සා දැමීම වැනි ගැටලුත් විසඳිය යුතු බවයි. ඒ වගේම නගරය පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging stations) වැඩි කිරීම සහ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමත් මේ ගමනේදී අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා.

Discussion & Feedback