ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක අභිෂේක් පොරෙල්ට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් එල්ල වෙලා තියෙනවා. බටහිර බෙංගාලයේ අධිකරණයක් විසින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරලා තියෙන්නේ ඔහුට එරෙහිව ගොනු කරලා තියෙන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්. මේ සිද්ධියට අදාළව ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ල අත්අඩංගුවට ගන්නා ලෙසත්, එම උපාංගවල ඇති තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් කල්කටා මහාධිකරණය පොලිසියට උපදෙස් දීලා තියෙනවා.
මේ සිද්ධියට මුල් වෙලා තියෙන්නේ පසුගිය මාසයේ මොග්රා පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක්. විවාහ කරගන්නා බවට පොරොන්දු වෙලා තරුණියක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම, ඇයගේ කැමැත්තකින් තොරව පෞද්ගලික අවස්ථා වීඩියෝ කිරීම සහ පසුව ඇයට තර්ජනය කිරීම වැනි බරපතළ චෝදනා ඔහුට එරෙහිව එල්ල වෙලා තියෙනවා. දුරකථන ඇමතුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිරන්තරයෙන් තර්ජනය කිරීම් සිදු කරන බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙනවා. මේ වන විට පොලිසිය ඔහුව සොයා මෙහෙයුම් දියත් කරලා තියෙනවා.
කෙසේ වෙතත්, මේ චෝදනා සම්බන්ධයෙන් අභිෂේක් පොරෙල් තවමත් කිසිදු ප්‍රකාශයක් කරලා නැහැ. මේ චෝදනා තවමත් අධිකරණයේදී ඔප්පු වෙලා නැති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙනවා. ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් මෙවැනි බරපතළ නීතිමය ගැටලුවකට මැදිවීම මේ වන විට ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්රයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback