ශ්‍රී ලංකාවේ සුන්දර ඩෙල්ෆ්ට් දූපත රටේ පළමු ‘Zero Emission’ හෙවත් කාබන් විමෝචනයක් සිදු නොවන පරිසර හිතකාමී සංචාරක කලාපය බවට පත් කිරීමට රජය තීරණය කරලා තියෙනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගිය දිනවල සිදු වුණා. ලන්දේසි යුගයේ නටබුන්, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහ නිදහසේ සැරිසරන වන අශ්වයන් වැනි සුවිශේෂී දේ නිසා ඩෙල්ෆ්ට් දූපතට ලොකු සංචාරක විභවයක් තියෙනවා. නමුත් මේ දක්වා ඒ දූපතේ සංචාරක කර්මාන්තය දියුණු වෙලා තිබුණේ ඉතා සීමිත මට්ටමකින්. ඉතින් දේශීය සහ විදේශීය සංචාරකයන්ට මේ සුන්දරත්වය විඳගන්න පුළුවන් විදිහට දූපත සංවර්ධනය කරන්න තමයි රජය සැලසුම් කරන්නේ.
මේ ව්‍යාපෘතියේදී පරිසරයට හානියක් නොවන විදිහට ජල සැපයුම, මාර්ග පහසුකම් සහ ප්‍රවාහන සේවා දියුණු කරන්න විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම දූපතේ ජීවත් වෙන ජනතාවගේ දැනුම සහ ආගන්තුක සත්කාර කුසලතා දියුණු කරලා, සංචාරක ව්‍යාපාරයෙන් ඔවුන්ටත් සෘජුවම ප්රතිලාභ ලැබෙන විදිහට වැඩපිළිවෙලක් සකස් කරනවා. පරිසර සංරක්ෂණය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තයට ඩෙල්ෆ්ට් දූපත කදිම ආදර්ශයක් වේවි. මේ අවස්ථාවට යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඉලංගුමරන් කරුණානාදන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

Discussion & Feedback