ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්රයේ නවමු පෙරළියක් ඇති කරමින් DEFY ආයතනය විසින් ඔවුන්ගේ නවතම ‘DEFY INT’ නමැති ඒකාබද්ධ සන්නිවේදන ආයතනය (TTL Agency) පසුගියදා දියත් කළා. ඩිජිටල් තාක්ෂණය, නිර්මාණාත්මක සංකල්ප, දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) එකම වහලක් යටට ගෙන එමින් සන්නාමයන්ට වඩාත් සාර්ථක ගමනක් යාමට අවශ්‍ය පසුබිම මෙයින් සකසා දෙනවා. මෙම නව ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසීම් ඉස්මයිල් මහතා පත් කර තිබෙනවා. ඔහු මෙම ක්ෂේත්රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණයෙක් වන අතර, මීට පෙර ලූප්ස් ඉන්ටග්‍රේටඩ් (Loops Integrated) ඇතුළු ප්රමුඛ පෙළේ ආයතන රැසක ඉහළ කළමනාකාරීත්වයේ කටයුතු කර තිබෙනවා.
වසීම් ඉස්මයිල් මහතාගේ නායකත්වය යටතේ DEFY INT ආයතනය සන්නාමයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒවාට ගැළපෙන උපායමාර්ගික විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම, පවතින සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අභියෝගයට ලක් කරමින් වඩාත් නිර්මාණාත්මක සහ දත්ත මත පදනම් වූ සේවාවක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. වසීම්ගේ අත්දැකීම් සහ නායකත්ව ගුණාංග DEFY සමූහයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇති බව එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාර ජයමාන්න මහතා පවසනවා. සන්නාමයන්ට අවශ්‍ය විශ්වාසය සහ ගුණාත්මක බව එකම ස්ථානයකින් ලබා දීම සඳහා DEFY INT මේ වන විටත් සූදානමින් සිටිනවා.

Discussion & Feedback