ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්රයේ නිරත ‘හැඩ්රියන්’ (Hadrian) සමාගම මෑතකදී අලුත්ම ආයෝජන වටයකින් ඇමරිකානු ඩොලර් බිලියන 1.37ක දැවැන්ත මුදලක් උපයා ගැනීමට සමත් වුණා. මේ වන විට එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 7.87ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. WCM Investment Management, Washington Harbour Partners සහ Valor Equity Partners වැනි ලොව ප්රමුඛ පෙළේ ආයෝජන ආයතන රැසක් මෙම වටයට දායක වී ඇති අතර, එය සමාගමේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වී තිබෙනවා. මේ වන විට හැඩ්රියන් සමාගම ලබාගෙන ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 2කට ආසන්න බවයි වාර්තා වෙන්නේ.
අනිත් ආරක්ෂක තාක්ෂණ සමාගම් වගේ නෙවෙයි, හැඩ්රියන් සමාගම කරන්නේ අලුත් AI ආයුධ හදන එක නෙවෙයි. ඔවුන් කරන්නේ හමුදාව දැනටමත් භාවිතා කරන වාහන සහ උපකරණ සඳහා අවශ්‍ය අමතර කොටස් ස්වයංක්‍රීයව සහ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමයි. මෑතකදී ඇලබාමා ප්‍රාන්තයේ ඔවුන් ආරම්භ කළ නව කර්මාන්ත ශාලාව හරහා සබ්මැරීන සඳහා අවශ්‍ය කොටස් නිෂ්පාදනය කිරීම සිදු කරනවා. මේ ආකාරයට නවීන තාක්ෂණය යොදාගෙන නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම නිසා, ඉදිරියේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අමතර කොටස් සැපයුම වඩාත් කාර්යක්ෂම වනු ඇති බවයි ක්ෂේත්රයේ විශේෂඥයන් පවසන්නේ. මේ නව ආයෝජනයත් සමඟ හැඩ්රියන් සමාගම තමන්ගේ නිෂ්පාදන ධාරිතාව තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback