රටේ වර්ධනය වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිවලට මරණ දඬුවම ලබාදීම පිළිබඳව රජය මේ වන විට දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී මේ ගැන දීර්ඝව සාකච්ඡා වුණා. මත්ද්‍රව්‍ය නිසා අපේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජයට සිදුවන හානිය අවම කරගන්න නම් නීති තද කිරීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී අවධාරණය වුණේ. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනයට අදාළ නීති සහ ඇප ලබාදීමේ ක්‍රමවේද සංශෝධනය කිරීමටත් රජය මේ වන විට කටයුතු කරමින් ඉන්නවා.
මේ අතර, මත්ද්‍රව්‍ය නඩු කටයුතු ප්‍රමාද වීමට හේතුවන රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලියත් මේ වන විට වේගවත් කරලා තියෙනවා. ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, පොලිසිය සහ බන්ධනාගාර අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කර නඩු කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමට නම් ආගමික නායකයන්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල දායකත්වයත් අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Discussion & Feedback