සැන් ඩියාගෝ කොමික්-කොන් උළෙලේදී මාර්වල් රසිකයන්ව උද්දාමයට පත් කරමින් අධ්යක්ෂ රයන් කූග්ලර් විසින් ‘බ්ලැක් පැන්තර් 3’ චිත්‍රපටය පිළිබඳව අලුත්ම තොරතුරු ටිකක් එළිදැක්වුවා. මේ චිත්‍රපටය 2028 දෙසැම්බර් 15 වැනිදා තිරගත වීමට නියමිතයි. විශේෂම දේ තමයි, ‘වකාන්ඩා ෆොරෙවර්’ චිත්‍රපටයේ අවසානයේ අපිට දකින්න ලැබුණු ටචාලාගේ පුතා වන ටුසෑන් (Toussaint) හෙවත් ටචාලා II ගේ චරිතයට ඩේවිඩ් ජොන්සන්ව තෝරාගෙන තිබීම. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම විශාල ප්‍රමාණයේ සෙලියුලොයිඩ් ෆිල්ම් එකකින් රූගත කරන පළමු මාර්වල් චිත්‍රපටය වීමත් විශේෂත්වයක්.
මේ වන විටත් ප්‍රවීණ නළු ඩෙන්සල් වොෂින්ටන් ද මේ චිත්‍රපටයට සම්බන්ධ වී සිටින බව තහවුරු කර තිබෙනවා. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වකාන්ඩා රාජ්‍යයේ කිරුළ හිමිකර ගැනීමට උත්සාහ කරන තරුණ ටචාලා වටායි. චැඩ්වික් බෝස්මන්ගේ අභාවයෙන් පසුව බ්ලැක් පැන්තර් කතා මාලාව ඉදිරියට ගෙන යාම රසිකයන්ට ලොකු කුතුහලයක් ගෙන දෙන කරුණක්. ඩේවිඩ් ජොන්සන් මීට පෙර ‘ඇලියන්: රොමුලස්’ සහ ‘ඉන්ඩස්ට්‍රි’ වැනි නිර්මාණ හරහා තමන්ගේ රංගන කුසලතාවය මනාව පෙන්වා තිබෙන නිසා, ඔහු මේ චරිතයට ඉතාම හොඳ තේරීමක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
ලෙටීෂියා රයිට් සහ වින්ස්ටන් ඩියුක් වැනි ප්‍රධාන නළු නිළියන් ද මේ අවස්ථාවට එක්ව සිටියා. වසර ගණනාවකට පසු නැවතත් වකාන්ඩා ලෝකයට පිවිසීමට රසිකයන් දැන් සිටින්නේ නොඉවසිල්ලෙන්. 2018 වසරේ තිරගත වූ පළමු බ්ලැක් පැන්තර් චිත්‍රපටය අතිවිශාල සාර්ථකත්වයක් ලැබූ නිසා, මේ තුන්වන කොටසත් ලෝක සිනමාවේ ලොකු වෙනසක් කරාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback