පැරමවුන්ට් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඩේවිඩ් එලිසන් මේ දිනවල ඉතාමත් තීරණාත්මක තීරණයක් අරගෙන තියෙනවා. වෝනර් බ්රදර්ස් ඩිස්කවරි සමාගම සමඟ සිදුකිරීමට නියමිත ඒකාබද්ධ වීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු විසඳා ගැනීමට කැලිෆෝනියා ප්රාන්තයේ නීතිපති රොබ් බොන්ටා එකඟ නොවන්නේ නම්, ඔක්තෝබර් පළමුවැනිදා සිට සිය සමාගම කැලිෆෝනියාවෙන් ඉවත් කර ගැනීමේ ක්රියාවලිය ආරම්භ කරන බව ඔහු ප්රකාශ කරලා තියෙනවා. මේ නීතිමය අර්බුදය නිසා සමාගමට දිනකට ඩොලර් මිලියන හතක අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති අතර, එලිසන් පවසන්නේ තමන් කැලිෆෝනියාවෙන් ඉවත්වීමට අකමැති වුවත්, එහි පවතින දේශපාලනික බලපෑම් හමුවේ සමාගම පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවයි.
මෙම නීතිමය ගැටුම ප්රධාන වශයෙන්ම චිත්රපට බෙදාහැරීම සහ කේබල් ජාල වැඩසටහන් සම්බන්ධ ඒකාධිකාරී විරෝධී නීති මත පදනම් වී තිබෙනවා. එලිසන් පවසන්නේ තමන් මේ ගැටලුව විසඳා ගැනීමට නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළත්, ඔහු එය දේශපාලනික අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, නීතිපති රොබ් බොන්ටා පවසන්නේ පැරමවුන්ට් සමාගම නීතිය ඉදිරියේ පරාජය වනු ඇති බව දැනගෙන මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි. දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව, පැරමවුන්ට් සමාගම කැලිෆෝනියාවෙන් ඉවත් වුවහොත් ටෙනසි, ටෙක්සාස් හෝ ජෝර්ජියා වැනි ප්රාන්තයකට සිය මූලස්ථානය ගෙන යාමට ඉඩ ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback