කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ දත්ත කළමනාකරණය සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් වන ඩේටාබ්රික්ස් (Databricks), පසුගියදා ඇමරිකානු ඩොලර් බිලියන 5ක දැවැන්ත ආයෝජන වටයක් සාර්ථකව අවසන් කළා. ඇත්තටම ඔවුන් සැලසුම් කර තිබුණේ ඩොලර් බිලියනයක මුදලක් රැස්කර ගැනීමට පමණයි. නමුත් සමාගමේ වර්ධනය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ ඇති ඉල්ලුම නිසා ආයෝජකයින් බිලියන 15ක මුදලක් ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ බව ප්‍රධාන විධායක නිලධාරී අලි ගොඩ්සි පවසනවා. මේ නිසා අවසානයේ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 190ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩේටාබ්රික්ස් සමාගම මේ වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 7ක ආදායමක් ලබන අතර, ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධි සේවා සහ ක්ලවුඩ් දත්ත ගබඩා ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ‘Genie’ නම් AI චැට්බෝට් එක සහ නවතම දත්ත තාක්ෂණයන් සඳහා පවතින ඉල්ලුම අතිවිශාලයි. මෙතරම් විශාල මුදලක් රැස්කර ගන්නේ ඇයිදැයි බොහෝ දෙනා විමසුවත්, කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සඳහා යන අධික වියදම සහ අනාගතයේදී සිදු කිරීමට නියමිත සමාගම් මිලදී ගැනීම් (M&A) සඳහා මෙම මුදල් අත්‍යවශ්‍ය බව ගොඩ්සි පෙන්වා දෙනවා.
මේ වන විටත් සමාගම විවිධ ආයෝජන වට හරහා විශාල මුදලක් රැස්කරගෙන තිබුණත්, අනාගතයේදී සමාගම කොටස් වෙළඳපොළට එක් කිරීම (IPO) තම බලාපොරොත්තුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මේ වන විට ඩේටාබ්රික්ස් සමාගම තාක්ෂණික ලෝකයේ අතිශය සාර්ථක ගමනක නිරත වෙමින් සිටින බව නම් පැහැදිලියි.

Discussion & Feedback