ඇමරිකාවේ විශාලතම විදුලිබල පද්ධතිය වන PJM Interconnection ආයතනය මේ දිනවල දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ රටේ දිනෙන් දින වැඩිවෙන දත්ත මධ්‍යස්ථාන (Data Centers) සඳහා අවශ්‍ය විදුලි බලය සැපයීමට නොහැකි වීම නිසයි. මේ තත්ත්වය පාලනය කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා 2027 ජූනි මාසයේ ඉඳන් මෙගාවොට් 50කට වඩා වැඩි ධාරිතාවක් සහිත දත්ත මධ්‍යස්ථානවලට අවශ්‍ය වෙලාවට විදුලිය විසන්ධි කරන්න. මේ පියවර ගන්නේ රටේ සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම වළක්වා ගන්නයි. විදුලිය විසන්ධි කරන දත්ත මධ්‍යස්ථානවලට ඒ වෙනුවෙන් යම් වන්දි මුදලක් ලැබෙනවා වගේම, විදුලිය කපන්න කලින් ඔවුන්ට ඒ ගැන දැනුම් දීමකුත් සිද්ධ වෙනවා.
මේ තත්ත්වය නිසා දත්ත මධ්‍යස්ථාන හිමියන් දැන් තමන්ගේම විදුලි උත්පාදන ක්‍රම ගැන හිතන්න පටන් අරන් තියෙනවා. ගොඩක් අය මේ සඳහා ඩීසල් ජෙනරේටර් භාවිත කරන්න පෙළඹුණත්, ඒකෙන් පරිසරයට වෙන හානිය ගැන ලොකු විවේචන එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වර්ජිනියා ප්‍රාන්තයේ දත්ත මධ්‍යස්ථානයක් අවට ජීවත් වෙන ජනතාවට මේ ඩීසල් ජෙනරේටර් නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙන බවටත් වාර්තා වෙලා තියෙනවා. 2035 වෙද්දී දත්ත මධ්‍යස්ථානවල විදුලි පරිභෝජනය දැනට වඩා හතර ගුණයකින් වැඩි වෙයි කියලා තමයි අනාවැකි පළ වෙන්නේ. ඒ නිසා මේ විදුලි අර්බුදය ඉදිරියේදී තවත් උග්‍ර වෙන්න ඉඩ තියෙනවා.

Discussion & Feedback