අභ්යවකාශයේ ඈත කොනක ඇහෙන අමුතුම ආකාරයේ ගුරුත්වාකර්ෂණ තරංග හඬක් ගැන මේ දවස්වල විද්යාඥයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ තරංග ඇත්තටම අපේ විශ්වයේ උපත සිදුවුණු කාලයේ තිබුණු ‘අඳුරු තරු’ (Dark stars) වල අවශේෂ වෙන්න පුළුවන් කියලයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ. සාමාන්යයෙන් සුපිරි කළු කුහර හැදෙන්න ගොඩක් කල් යනවා කියලා අපි හිතුවත්, විශ්වය බිහිවෙලා වසර බිලියනයක් යන්නත් කලින් මේ තරම් විශාල කළු කුහර හැදුණේ කොහොමද කියන එක ලොකු ප්රශ්නයක් වෙලා තිබුණා. දැන් හොයාගෙන තියෙන විදියට, මේ අඳුරු තරු බිඳවැටීමෙන් තමයි මුල්ම කළු කුහරවල බීජ බිහිවෙලා තියෙන්නේ.
මේ පර්යේෂණය කරපු කොල්ගේට් විශ්වවිද්යාලයේ විද්යාඥයන් කියන විදියට, පල්සාර් (pulsars) කියන වේගයෙන් කැරකෙන නියුට්රෝන තරු භාවිතයෙන් තමයි මේ ගුරුත්වාකර්ෂණ තරංග හඳුනාගෙන තියෙන්නේ. මේ තරංග හරහා විශ්වයේ අවුරුදු බිලියන 13කට එහා තියෙන රහස් අපිට දැනගන්න පුළුවන් වෙනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් මුල් කාලීන විශ්වයේ දකින්න ලැබෙන දැවැන්ත කළු කුහරවලට හේතුව මේ අඳුරු තරු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ අලුත් පිටුවක් පෙරළන්න සමත් වෙනවා වගේම, විශ්වයේ ආරම්භය ගැන තිබුණු බොහෝ ගැටලු විසඳගන්නත් අපිට උදව් වෙයි.

Discussion & Feedback