අභ්යවකාශ විද්යාඥයන් පිරිසක් විසින් ඉතා දුර බැහැර පිහිටි අතිවිශාල කළු කුහරයකින් පිටවන ප්ලාස්මා ජෙට් ධාරාවක් අඳුරු පදාර්ථ (Dark matter) මගින් විශාල කර පෙන්වන බව සොයාගෙන තියෙනවා. PKS 2233-148 ලෙස නම් කර ඇති මෙම බ්ලේසර් (Blazar) වර්ගයේ කළු කුහරය, විශ්වයේ පවතින ‘භූත අංශු’ ලෙස හැඳින්වෙන නියුට්රිනෝ (Neutrinos) නිපදවන ප්රධාන මධ්යස්ථානයක් විය හැකි බවයි විද්යාඥයන් පවසන්නේ. පෘථිවිය දෙසටම එල්ල වී ඇති මෙම ජෙට් ධාරාවන් හරහා ගමන් කරන ආලෝකය, අඳුරු පදාර්ථවල ගුරුත්වාකර්ෂණය නිසා නැමීමට ලක්වීමෙන් මෙම අපූරු දසුන නිර්මාණය වෙනවා.
ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව, අභ්යවකාශයේ ඇති දැවැන්ත වස්තූන් අවකාශය වක්ර කරනවා. මෙහිදී අඳුරු පදාර්ථ මගින් සිදුවන ගුරුත්වාකර්ෂණ කාච ආචරණය (Gravitational lensing) නිසා, කළු කුහරයෙන් පිටවන ජෙට් ධාරාවේ ගමන් මග වෙනස් වී ඇති බව නිරීක්ෂණය කර තියෙනවා. ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සිල්කේ බ්රිට්සන් ප්රමුඛ පර්යේෂකයන් පවසන්නේ, මෙම සොයාගැනීම මගින් නියුට්රිනෝ අංශු විශ්වය පුරා පැතිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව අපට අලුත් අවබෝධයක් ලැබෙනු ඇති බවයි. බිලියන ගණනක් නියුට්රිනෝ අංශු අපේ ශරීරය හරහා කිසිදු බාධාවකින් තොරව ගමන් කළත්, ඒවායේ මූලාශ්රය සොයාගැනීම අභියෝගයක්. නමුත් මෙම නව සොයාගැනීම එම අභිරහස විසඳීමට විශාල පිටුවහලක් වේවි.

Discussion & Feedback