Spotify සමාගමේ නිර්මාතෘ ඩැනියෙල් එක් සහ හ්ජල්මාර් නිල්සන් විසින් ආරම්භ කරපු Neko Health කියන සෞඛ්‍ය තාක්ෂණික සමාගම අලුතින්ම අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් ලබාගෙන තියෙනවා. මේ සමාගම මගින් කරන්නේ අති නවීන තාක්ෂණය පාවිච්චි කරලා ශරීරය ස්කෑන් කරලා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන එකයි. දැනටමත් බ්‍රිතාන්‍යයේ සහ ස්වීඩනයේ සාර්ථකව ක්‍රියාත්මක වෙන මේ සමාගම, ඉතා ඉක්මනින් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරත් තමන්ගේ පළමු මධ්‍යස්ථානය විවෘත කරන්න සූදානම් වෙනවා. දැනට ලක්ෂයකට අධික පිරිසක් මේ සේවාව ලබාගෙන තියෙන අතර, තවත් තුන් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් පෝලිමේ ඉන්නවා.
මේ ස්කෑන් කිරීමේ තාක්ෂණය කොච්චර සාර්ථකද කියනවා නම්, Calm සමාගමේ නිර්මාතෘ ඇලෙක්ස් ටියු පවා තමන්ගේ පිටේ තිබුණු පිළිකාමය ලපයක් මේ ස්කෑන් එක හරහා කලින්ම හොයාගන්න පුළුවන් වුණා කියලා සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුණා. මේ ස්කෑන් එකට අමතරව රුධිර පරීක්ෂණ සහ Apple Health දත්ත පවා එකතු කරලා ඉතාම නිවැරදි සෞඛ්‍ය වාර්තාවක් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යායාම කරන අයට තමන්ගේ ශරීරයේ මේද සහ මාංශ පේශි ප්‍රතිශතය වගේ දේවල් පවා මේ හරහා බලාගන්න පුළුවන්. ඉදිරියේදී Midjourney වගේ තවත් තාක්ෂණික සමාගම් මේ වගේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා, ඉදිරි කාලයේදී සෞඛ්‍ය ක්ෂේත්රයේ ලොකු පෙරළියක් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback