ජනප්රිය රියැලිටි වැඩසටහනක් වන ‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ (Dancing with the Stars) වසර දහයකට පසුව නැවත වරක් එමි (Emmy) සම්මාන උළෙලකදී නිර්දේශයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. පසුගියදා NBC නාලිකාවේ ‘ටුඩේ’ වැඩසටහන හරහා මේ පිළිබඳව නිල වශයෙන් ප්රකාශයට පත් කළ අතර, එය එම වැඩසටහනේ රසිකයන්ට ලොකු සතුටක් ගෙන දෙන පුවතක් වුණා. මෙවර ඔවුන් ‘Outstanding Reality Competition Program’ යන කාණ්ඩය යටතේ තරග වදින අතර, ඔවුන් සමඟ Survivor, Top Chef, The Traitors සහ RuPaul’s Drag Race වැනි ප්රබල වැඩසටහන් කිහිපයක්ම තරග බිමේ ඉන්නවා.
මෙම නිර්දේශය ලැබී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා විකාශය වූ වැඩසටහනේ 34 වන වාරය සඳහායි. රොබට් ඉර්වින් ජයග්රාහකයා බවට පත් වූ මෙම වාරය සඳහා කෝරි ෆෙල්ඩ්මන්, හිලාරියා බෝල්ඩ්වින් ඇතුළු තවත් ප්රසිද්ධ තරු රැසක් සහභාගී වුණා. ඇල්ෆොන්සෝ රිබෙයිරෝ සහ ජුලියන් හෆ් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ඩෙරෙක් හෆ්, කැරී ඈන් ඉනාබා සහ බෲනෝ ටෝනියෝලි කටයුතු කළා. පසුගිය වසර කිහිපය තුළ වැඩසටහන ලබාගත් ඉහළ ප්රේක්ෂක ප්රතිචාරත් සමඟ මෙම නිර්දේශය ඔවුන්ට ලැබුණු විශාල ජයග්රහණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලේදී ‘The Traitors’ වැනි ප්රබල වැඩසටහන් අභිබවා ජයග්රහණය කිරීමට ඔවුන්ට හැකි වේවිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback