අභ්‍යවකාශයේ සිදුවන තරු මරණ ගැන අපිට අලුත්ම තොරතුරු ටිකක් දැනගන්න ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් තරු මැරෙන්නේ තනිවම කියලා අපි හිතුවට, අලුත්ම පර්යේෂණවලින් පේන විදිහට ගොඩක් තරු මැරෙන්නේ තමන්ගේ සහකාර තරු එක්ක එකතු වෙලා. මේ ද්විත්ව තරු පද්ධතිවල සිදුවන විශේෂිත ක්‍රියාවලියක් නිසා තමයි ‘අන්තර්ක්‍රියාකාරී සුපර්නෝවා’ (interacting supernova) කියන අමුතුම ආකාරයේ පිපිරීම් ඇතිවෙන්නේ. තරු විශාල වෙලා රතු යෝධ අවධියට එද්දී, ඒවායේ තියෙන වායු සහ දූවිලි අංශු තමන්ගේ සහකාර තරුව දෙසට ගලා යනවා. මේ දේවල් සම්පූර්ණයෙන්ම සහකාර තරුවට උරාගන්න බැරි නිසා, ඒ වටා විශාල වායු කවචයක් නිර්මාණය වෙනවා.
පර්යේෂකයන් කියන විදිහට මේ පිපිරීම් මෙච්චර දුර්ලභ වෙන්න ප්‍රධානම හේතුව තමයි ‘කාලය’. මේ වායු කවචය හැදෙන්න ඕනේ තරුව පිපිරෙන්න තියෙන අවසාන වසර කිහිපයේදී විතරයි. ඒක හරියටම සිද්ධ වුණොත් විතරයි, පිපිරීමේදී ඇතිවන කම්පන තරංග මේ වායු කවචයේ ගැටිලා අතිවිශාල ආලෝකයක් පිටකරන සුපර්නෝවා පිපිරීමක් නිර්මාණය වෙන්නේ. මේ පර්යේෂණයෙන් පැහැදිලි වෙන්නේ තරු කොහොමද ජීවත් වුණේ කියන එක මත තමයි ඒවා මැරෙන විදිහත් තීරණය වෙන්නේ කියලා. ඇත්තටම විශ්වයේ තියෙන මේ වගේ අභිරහස් දේවල් ගැන දැනගන්න එක හරිම පුදුම හිතෙන දෙයක් නේද?

Discussion & Feedback