ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව දඹුල්ල සහ සීගිරිය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ඊයේ නිල වශයෙන් ආරම්භ වුණා. රුපියල් මිලියන 30ක ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දඹුල්ල, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරක යටිතල පහසුකම් ඉහළ නැංවීමට නියමිතයි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කරනවා. සංචාරක ක්ෂේත්රයේ තරගකාරිත්වය වැඩි කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන සංචාරක කලාපයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණක්.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දඹුල්ල නව නගර බස් නැවතුම්පොළ, සීගිරි වැව, සීගිරිය කෞතුකාගාරය සහ වාහන නැවතුම්පොළ සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා රුපියල් මිලියන 1,206ක් වැය වන අතර මාස 18ක් ඇතුළත එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවන අදියරේදී මාපාගල, පිදුරංගල සහ කළුදිය පොකුණ සංරක්ෂණය කිරීමත්, රාමකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11ක උරුම මාවතක් (Heritage Trail) ඉදිකිරීමත් සිදු කෙරෙනවා. රුපියල් මිලියන 1,085ක වියදමින් සිදු කෙරෙන මෙම වැඩසටහන මාස 30කින් නිම කිරීමට නියමිතයි. මේ හරහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට වඩාත් පහසු සහ ආකර්ෂණීය අත්දැකීමක් ලබාගැනීමට ඉදිරියේදී අවස්ථාව උදාවෙනවා.

Discussion & Feedback