දඹුල්ල ප්රදේශයේ ප්රසිද්ධ හෝටලයක් වන ‘සීගිරිය කිංඩම් රිසෝට්’ ආයතනයට රුපියල් ලක්ෂ පහක දැවැන්ත දඩ මුදලක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. ඒ, රුපියල් 100ක් ලෙස මිල සටහන් කර තිබූ පානීය ජල බෝතලයක් රුපියල් 300ක අධික මිලකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් පසුවයි මෙම නීති විරෝධී ක්රියාව අනාවරණය වුණේ. පසුගිය 23 වැනිදා මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ හෝටල් කළමනාකාරීත්වය තමන් කළ වරද පිළිගැනීම නිසා අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කළා.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ දැනුම්දීමක් කරනවා. දැනට පවතින ගැසට් නිවේදනයට අනුව පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරලා තියෙනවා. ඒ අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා බෝතලයක් රුපියල් 80කටත්, ලීටර් 1 සිට 1.499 දක්වා බෝතලයක් රුපියල් 120කටත් තමයි අලෙවි කළ යුත්තේ. හෝටල්, ආපනශාලා හෝ වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී නියමිත මිල පරීක්ෂා කර බලා අනිවාර්යයෙන්ම බිල්පතක් ලබා ගැනීමට පාරිභෝගිකයන් වගබලා ගත යුතුයි.
යම් ස්ථානයක භාණ්ඩ සඳහා නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම්, වහාම ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නීති විරෝධී ලෙස භාණ්ඩ අලෙවි කරන ඕනෑම ස්ථානයකට එරෙහිව ඉදිරියේදීත් දැඩි නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback