හොලිවුඩ් සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඩැකෝටා ෆැනින් මේ දිනවල නැවත වරක් අන්තර්ජාලය හරහා කතාබහට ලක්වෙලා ඉන්නවා. ඒ ඇය හඬකැවීම් දායක වුණු ‘කොරලීන්’ (Coraline) සජීවීකරණ චිත්රපටය ඇමසන් වීඩියෝ (Amazon VOD) වේදිකාවේ ඉහළම චිත්රපට දහය අතර දින 200කට අධික කාලයක් රැඳී සිටිමින් සුවිශේෂී වාර්තාවක් තැබීම නිසයි. 2009 වසරේ තිරගත වුණු මෙම චිත්රපටය අදටත් ප්රේක්ෂකයන් අතර කොතරම් ජනප්රියද කියනවා නම්, එය තවමත් ඇමසන් ශ්රේණිගත කිරීම්වල ඉහළටම පැමිණෙමින් තිබෙනවා. නීල් ගේමන්ගේ කෘතියක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්රපටය, අලුත්ම චිත්රපට පවා අභිබවා යමින් ස්ට්රීම්ං ලෝකයේ තමන්ගේ ආධිපත්යය තහවුරු කරගෙන ඉන්නවා.
ඩැකෝටා ෆැනින් කියන්නේ කුඩා කාලයේ සිටම සිනමාවේ විවිධ චරිත ඔස්සේ දක්ෂතා පෙන්වූ නිළියක්. ‘ට්වයිලයිට්’ (Twilight) චිත්රපට මාලාවේ ජේන්ගේ චරිතයෙන් ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් ඇය, මෑත කාලයේදී ‘රිප්ලි’ (Ripley) සහ ‘ද පර්ෆෙක්ට් කපල්’ (The Perfect Couple) වැනි ජනප්රිය ටෙලි කතා මාලා හරහාත් විශාල සාර්ථකත්වයක් ලැබුවා. විශේෂයෙන්ම ඇය රඟපෑ ‘ඕල් හර් ෆෝල්ට්’ (All Her Fault) කතා මාලාව පීකොක් (Peacock) ඉතිහාසයේ වැඩිම නැරඹුම් වාර්තාවක් තැබූ නිර්මාණය බවට පත්වුණා. මේ විදිහට බලනකොට, ඩැකෝටා ෆැනින් කියන්නේ අදටත් සිනමා ලෝකයේ සහ ස්ට්රීම්ං වේදිකාවල නොනැවතී ජයග්රහණ ලබන දක්ෂතම නිළියක් බව පැහැදිලියි.

Discussion & Feedback