කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවති ‘ලංකන් ෆෙස්ට් 2026’ උත්සවය ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව අවසන් වුණා. වුඩ්බ්‍රිජ් ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් පිටියේදී පැවති මෙම දැවැන්ත උත්සවය, කැනඩාවේ පැවති විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික උළෙල ලෙස ඉතිහාසයට එක් වුණා. අපේ රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන ‘ඩැඩී’ (Daddy) ප්රමුඛ කරගනිමින් පැවති මෙම ප්‍රසංගය, ඔවුන්ගේ කැනේඩියානු සංචාරයේ අවසාන අදියර සනිටුහන් කළා. රන්දීර්, ජයශ්‍රී, රොක් සාමි සහ චිත්‍රාල් සෝමපාල වැනි ප්‍රවීණ ශිල්පීන් රැසක් එකම වේදිකාවකදී දැකගැනීමට ලැබීම ප්‍රේක්ෂකයන්ට ලැබුණු දුර්ලභ අවස්ථාවක් වුණා.
ලංකන් ස්ක්වෙයාර් (Lankan Square) සංවිධානය විසින් දියත් කළ මෙම උත්සවය සංගීතයට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකීය ආහාර සහ සංස්කෘතික අංග රැසකින් සමන්විත වුණා. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිමේ මතකයන් අලුත් කරගැනීමට මෙය කදිම අවස්ථාවක් වුණා. උත්සවයේ සම නිර්මාතෘ කාමජ් සිල්වා පවසන පරිදි, පන්දහසකට අධික පිරිසක් එක්රොක් වීමෙන් පෙනී යන්නේ මෙය හුදෙක් උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ එකමුතුකම පෙන්වන විශාල ව්‍යාපාරයක් බවයි. කුඩා ව්‍යාපාරිකයන්ට සහ ආහාර අලෙවිකරුවන්ටද විශාල පිටුවහලක් වූ මෙම උත්සවයේ සාර්ථකත්වය නිසාම, ලබන වසරේදී මීටත් වඩා විශාල ලෙස ‘ලංකන් ෆෙස්ට් 2027’ පැවැත්වීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් පවතිනවා.

Discussion & Feedback