ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික නිදහස් දින පෙළපාලිය හදිසියේම අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරලා තියෙනවා. මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ත් 46ත් අතර අගයකට ඉහළ යා හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබීම නිසයි මේ තීරණය අරන් තියෙන්නේ. පෙළපාලියට සහභාගී වන පිරිසගේ සහ නරඹන්නන්ගේ ආරක්ෂාව ගැන හිතලා, ජාතික උද්යාන සේවය සහ නගර බලධාරීන් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
කෙසේ වෙතත්, නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන අනෙකුත් සමහර උත්සවවල කාලසටහන්වල වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම වොෂින්ටන් ස්මාරකය අසල පැවැත්වෙන ‘සැලියුට් ටු ඇමරිකා’ උත්සවය සහ රාජ්ය ප්රදර්ශනය පස්වරුවේ ආරම්භ කිරීමට පියවර අරන් තියෙනවා. ඒ වගේම, නිදහස් ප්රකාශනය කියවීමේ සාම්ප්රදායික වැඩසටහන ගෘහස්ථව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපතිවරයාගේ දේශනය සහ ගිනිකෙළි සංදර්ශනය නියමිත පරිදි පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, සවස් කාලයේ කුණාටු ඇතිවීමේ අවදානමක් පවතින බවත් කාලගුණ අංශ අනතුරු අඟවනවා. කොහොම වුණත්, කැපිටල් ගොඩනැගිල්ලේ පැවැත්වෙන වාර්ෂික ප්රසංගය නම් කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback