Cyberpunk 2077 කියන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් සෙල්ලම් කරන ගේම් එකක් වුණාට, ගොඩක් අයගේ ලොකුම අඩුවක් වුණේ මේකේ මල්ටිප්ලේයර් පහසුකම නැති එක. CD Projekt RED සමාගම නම් කිව්වේ මේක තනිකරම සිංගල් ප්ලේයර් අත්දැකීමක් විදිහට තියාගන්න තමයි ඔවුන් කැමති කියලා. ඒත් ඉතින් නයිට් සිටි එකේ යාළුවොත් එක්ක එකතු වෙලා පිස්සු නටන්න තියෙන ආසාව නිසාම, දැන් රසිකයන්ම එකතු වෙලා ‘CyberMP’ නමින් අලුත් මල්ටිප්ලේයර් මෝඩ් එකක් හදමින් ඉන්නවා. මේක තවම වැඩ නිම කරලා නැති වුණත්, මේ දවස්වල මේකේ පරීක්ෂණ කටයුතු හරිම සාර්ථකව සිද්ධ වෙනවා.
මේ මෝඩ් එක හරහා ඔයාලට පුළුවන් තමන්ගේම සර්වර් එකක් හදාගෙන යාළුවොත් එක්ක නයිට් සිටි වීදිවල ඇවිදින්න. මෑතකදී කරපු පරීක්ෂණයකදී ක්රීඩකයන් 66 දෙනෙක්ට එකම වෙලාවේ සෙල්ලම් කරන්න පුළුවන් වුණා. පොඩි පොඩි තාක්ෂණික ගැටලු ආවත්, දැනට 30-40ක් වගේ පිරිසකට කිසිම අවුලක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයක මේක තියෙනවා. මේක තවම සංවර්ධනය වෙමින් පවතින නිසා අනාගතයේදී තවත් අලුත් දේවල් මේකට එකතු වෙයි.
ඔයාලත් Cyberpunk 2077 වලට මල්ටිප්ලේයර් එකක් එනකම් බලාගෙන හිටපු කෙනෙක් නම්, මේ CyberMP මෝඩ් එක ගැන නිතරම හොයලා බලන්න. මොකද මේක තමයි අනාගතයේදී යාළුවොත් එක්ක එකතු වෙලා නයිට් සිටි එකේ අලුත්ම අත්දැකීමක් ගන්න තියෙන හොඳම විදිහ. ඉතින් මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වුණාම, ඔයාලටත් පුළුවන් වෙයි යාළුවොත් එක්ක එකතු වෙලා නයිට් සිටි එකේ අලුත්ම විප්ලවයක් කරන්න.

Discussion & Feedback