කෙන්යාවේ ඇම්බෝසෙලි ජාතික වනෝද්‍යානය ආසන්නයේදී අලි ඇතුන් 15 දෙනෙකු අභිරහස් ලෙස මියයෑමේ පුවතක් වාර්තා වෙනවා. මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙන්නේ, අලි ඇතුන් ආහාරයට ගත් තක්කාලි වගාවල ඉස තිබූ කෘමිනාශකවල අඩංගු සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් ඔවුන් මියගොස් ඇති බවයි. පසුගිය ජූනි 24 සිට ජූලි 24 දක්වා කාලය තුළ මෙම සතුන් මියගොස් ඇති අතර, මියගිය අලි ඇතුන් අතර විවිධ වයස් කාණ්ඩවලට අයත් සතුන් සිටින බව වනජීවී නිලධාරීන් පවසනවා.
මෙම සිදුවීමෙන් පසු වනජීවී බලධාරීන් පවසන්නේ මෙය කිසියම් පිරිසක් විසින් හිතාමතා සිදුකළ අපරාධයක් නොවන බවයි. කෙසේ වෙතත්, වනෝද්‍යානය ආසන්නයේ වගා කටයුතු ව්‍යාප්ත වීම නිසා ආහාර සහ ජලය සොයා අලි ඇතුන් ගොවිබිම්වලට පිවිසීම බරපතළ ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. මියගිය සතුන්ගේ ශරීරවල තිබූ විෂ ද්‍රව්‍ය මිනිසුන්ට තර්ජනයක් නොවන බව බලධාරීන් සහතික කළත්, අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. දඩයම්කරුවන්ගෙන් අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට කෙන්යාව මීට පෙර සාර්ථක පියවර ගෙන තිබුණත්, මෙවැනි සිදුවීමක් වාර්තා වුණේ දශක ගණනාවකට පසුව වීම විශේෂත්වයක්.
ඇම්බෝසෙලි ප්‍රදේශයේ අලි ඇතුන් 2,000කට අධික සංඛ්‍යාවක් ජීවත් වන අතර, ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගැනීම ඉදිරියේදී විශාල අභියෝගයක් වනු ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback