මේ දිනවල ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ජාවාරම්කරුවන් ඉතාම කපටි සහ අමානුෂික ක්‍රම අනුගමනය කරන බව ශ්‍රී ලංකා රේගුව අනාවරණය කරනවා. විශේෂයෙන්ම දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ බරපතල රෝගාබාධවලින් පෙළෙන අයව මේ සඳහා යොදා ගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ නුවන් අබේනායක මහතා පවසනවා. නීතියේ ඇසට වැලි ගසා ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම ඔවුන්ගේ අරමුණ වුණත්, රේගු නිලධාරීන්ගේ නවීන පරීක්ෂණ ක්‍රමවේද හමුවේ ඔවුන්ව හසුකර ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.
මෑතකදී අප්‍රිකානු රටවලින් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඒ අතර සිටි 79 හැවිරිදි කාන්තාවක් පවා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටි බව හෙළි වුණා. ඇය එච්.අයි.වී. වෛරසයෙන් පෙළෙන අයෙක් බවත්, ඇය සතු වූ වෛද්‍ය වාර්තා සහ ඖෂධ පරීක්ෂා කිරීමෙන් රේගු නිලධාරීන් මේ බව තහවුරු කර ගත්තා. කෙසේ වෙතත්, මෙවැනි ජාවාරම් සඳහා ශ්‍රී ලාංකිකයන් යොදා ගෙන ඇති බවට තවමත් තොරතුරු වාර්තා වී නැහැ. ජාවාරම්කරුවන්ගේ මෙවැනි අලුත් උපක්‍රම හඳුනා ගැනීමටත්, රටේ දේශසීමා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමටත් රේගු නිලධාරීන් මේ වන විටත් දැඩි පියවර ගනිමින් සිටිනවා.

Discussion & Feedback