ලෝක ප්‍රකට රැප් ගායකයෙක් වගේම නිෂ්පාදකවරයෙක් වන කර්ටිස් ’50 සෙන්ට්’ ජැක්සන්, ස්ටාර්ස් (Starz) නාලිකාව එක්ක එකතු වෙලා අලුත්ම වැඩකට අත ගහන්න සූදානම් වෙනවා. ඒ තමයි ‘Bone Parish’ කියන සුප්‍රසිද්ධ ග්‍රැෆික් නවකතාව ඇසුරින් නිර්මාණය වන අලුත්ම ටෙලි කතා මාලාව. මේ කතාව ගෙතිලා තියෙන්නේ නිව් ඕර්ලියන්ස් නගරයේ අඳුරු යටි ලෝකය වටායි. මියගිය අයගේ අළු වලින් හදන අමුතුම ජාතියේ මත්ද්‍රව්‍යයක් වටා ගොඩනැගෙන වින්ටර්ස් පවුලේ කතාව තමයි මෙහිදී අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට අතීතයේ සිදුවුණු දේවල් හීන වගේ පේන්න පටන් ගන්නවා. ඒත් එක්කම පවුලේ රහස්, අපරාධ සහ අද්භූත බලවේග එකතු වෙලා මේ කතාව හරිම කුතුහලයෙන් පිරුණු එකක් බවට පත් වෙනවා.
මේ ව්‍යාපෘතිය ගැන 50 සෙන්ට් කියන්නේ මේක සාමාන්‍ය අපරාධ කතාවකට වඩා වෙනස්, අද්භූත දේවල් එක්ක මුසු වුණු අලුත්ම අත්දැකීමක් වෙයි කියලයි. ‘ඩියුන්: ප්‍රොෆෙසි’ සහ ‘ද විචර්’ වැනි ජනප්‍රිය නිර්මාණවලට දායක වුණු ඩයෑන් ඇඩෙමු-ජෝන් සහ ඩෙක්ලන් ඩි බැරා මේ කතා මාලාවේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය මෙහෙයවනවා. දැනටමත් 50 සෙන්ට්ගේ ‘Power’ කතා මාලාව හරහා ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙන ස්ටාර්ස් නාලිකාව, මේ අලුත් නිර්මාණයත් එක්ක ප්‍රේක්ෂකයන්ව තවත් තදින්ම රඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්, භීෂණය සහ අපරාධ පිරුණු මේ අලුත් ටෙලි කතා මාලාව ගැන රසිකයන් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Discussion & Feedback