නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය මගින් අඟහරු ග්රහයාගේ මතුපිට ඉතාමත් අපූරු සහ අද්භූත දර්ශනයක් සොයාගෙන තියෙනවා. මේ රෝවරය අඟහරුගේ වැලි ග්රෑන්ඩ් (Valle Grande) නම් නිම්නය හරහා ගමන් කරද්දී තමයි, මී වදයක හැඩයට සමාන බහුඅස්ර හැඩැති රටා රාශියක් කැමරාවේ සටහන් කරගෙන තියෙන්නේ. මේවා සෙන්ටිමීටර 4ත් 8ත් අතර ප්රමාණයකින් යුක්ත වන අතර, ඒවා දකින ඕනෑම කෙනෙකුට පුදුමයක් දැනෙන තරමට ඉතාමත් ක්රමවත්ව පිහිටලා තියෙනවා. මේ දර්ශනය ඇත්තටම හරිම අපූරුයි කියලා නාසා විද්යාඥයන් පවා පවසනවා.
මේ වගේ ජ්යාමිතික හැඩතල අඟහරු මතින් මීට පෙරත් හමුවෙලා තිබුණත්, මෙවර හමුවූ මේ විශාල බහුඅස්ර රටා පෙළ විද්යාඥයන්ව පුදුමයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. මේවා නිර්මාණය වුණේ කොහොමද කියන එක තවමත් ලොකු රහසක්. සමහර විද්යාඥයන් හිතන්නේ අඟහරුගේ උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් නිසා පසෙහි ඇති ජලය අවසාදිත ස්ථර හරහා ගමන් කිරීමෙන් මේවා හැදෙන්න ඇති කියලයි. කොහොම වුණත්, මේ පිළිබඳව නිශ්චිත නිගමනයකට එන්න නම් තවත් වැඩිදුර දත්ත සහ පර්යේෂණ අවශ්ය වෙනවා. අඟහරුගේ රහස් එකින් එක හෙළි වෙද්දී, අනාගතයේදී මේ ග්රහයා ගැන අපිට තවත් බොහෝ දේවල් දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback