නාසා ආයතනයේ කියුරියෝසිටි අඟහරු රෝවරය මේ දිනවල අඟහරු මත තවත් සුවිශේෂී ජයග්රහණයක් අත්කරගෙන තියෙනවා. පසුගිය වසර 14ක කාලය පුරා අඟහරු ග්රහයා ගවේෂණය කරන මේ රෝවරය, මේ වන විට අඟහරු මතුපිට කිලෝමීටරයක උසක් දක්වා ගමන් කිරීමට සමත් වෙලා තියෙනවා. මේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් රෝවරයේ ඇති කැමරාව මගින් ලබාගත් ඡායාරූප 323ක් එකතු කරලා ඉතාමත් පැහැදිලි පරිදර්ශන දර්ශනයක් (panorama) නිර්මාණය කරන්න නාසා විද්යාඥයන් කටයුතු කරලා තියෙනවා. මේ ඡායාරූපවලින් අඟහරු මත පිහිටි ‘වැල් ග්රෑන්ඩ්’ නම් නිම්නයේ සුන්දර දර්ශනයක් අපිට දැකගන්න පුළුවන්.
2014 වසරේ සිට මවුන්ට් ෂාප් කන්ද තරණය කරන කියුරියෝසිටි රෝවරය, අඟහරු මත ජීවයේ මූලිකාංග සහ අතීතයේ ජලය ගලා ගිය බවට සාක්ෂි සොයාගැනීමට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. රෝවරයේ රෝදවලට යම් යම් හානි සිදුවෙලා තිබුණත්, තවමත් ඉතාමත් සාර්ථකව සිය ගවේෂණ කටයුතු කරගෙන යන්න මේ රෝවරයට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තවත් රෝවරයක් වන පර්සිවරන්ස් රෝවරයත් මෑතකදී අඟහරු මත මැරතන් තරඟයක දුර ප්රමාණයට සමාන දුරක් ගමන් කරමින් තවත් වාර්තාවක් තබා තිබෙනවා. අඟහරු ග්රහයාගේ රහස් සොයා යන මේ ගමන ඇත්තටම විද්යා ලෝකයට ඉතාමත් වැදගත් වෙනවා.

Discussion & Feedback