ලොව පුරා ඇනිමෙ රසිකයන් අතර ඉතාමත් ජනප්රිය ක්රන්චිරෝල් (Crunchyroll) ස්ට්රීමින් සේවාව, නින්ටෙන්ඩෝ ස්විච් (Nintendo Switch) උපාංග සඳහා ලබා දී තිබූ ඔවුන්ගේ ඇප් එක ඔක්තෝබර් 30 වැනිදා සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දැනටමත් මෙම ඇප් එක නින්ටෙන්ඩෝ ඊ-ෂොප් (eShop) එකෙන් ඉවත් කර ඇති නිසා, අලුතින් බාගත කිරීමට බලාපොරොත්තු වන අයට එම අවස්ථාව දැන් ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව ක්රන්චිරෝල් ආයතනය විසින් තම ග්රාහකයන්ට විද්යුත් තැපෑලක් මගින් දැනුම් දී තිබුණත්, මෙවැනි හදිසි තීරණයක් ගැනීමට හේතුව ඔවුන් පැහැදිලි කර නැහැ. බොහෝ දෙනා අනුමාන කරන්නේ නින්ටෙන්ඩෝ සමාගමේ ඉදිරි සැලසුම් සහ නව ස්විච් 2 උපාංගය සඳහා මග පෑදීමට මෙය සිදුකරන බවයි.
මෙම පුවත ඇනිමෙ රසිකයන්ට නම් ඇත්තටම ලොකු කම්පනයක් වෙලා. විශේෂයෙන්ම තමන්ගේ ස්විච් එකේ ඇනිමෙ බලන්න පුරුදු වෙලා හිටපු ගොඩක් අය මේ ගැන සමාජ මාධ්යවල තමන්ගේ අප්රසාදය පළ කරනවා. ලැප්ටොප් එකක හෝ ෆෝන් එකක බලනවාට වඩා ස්විච් එකේ තියෙන OLED තිරයේ ඇනිමෙ බලන්න හරිම පහසු බවත්, ඒ නිසාම තමන් නිතරම ස්විච් එක පාවිච්චි කළ බවත් රසිකයන් පවසනවා. කොහොම වුණත්, ඔක්තෝබර් 30 වැනිදායින් පස්සේ නින්ටෙන්ඩෝ ස්විච් එකේ ක්රන්චිරෝල් ඇප් එක වැඩ කරන්නේ නැති නිසා, තව ටික දවසක් තියෙන කාලය ඇතුළත තමන්ගේ ප්රියතම ඇනිමෙ කතාමාලා බලලා ඉවර කරන්න කියලා තමයි රසිකයන්ට සිද්ධ වෙන්නේ.

Discussion & Feedback