ඇනිමෙ රසිකයන් අතර ඉතාම ජනප්රිය ක්රන්චිරෝල් (Crunchyroll) ආයතනයට මේ දිනවල ලොකු තරගයක් ඇති වෙලා තියෙනවා. ඒ චීනයේ දැවැන්ත වීඩියෝ වේදිකාවක් වන බිලිබිලි (Bilibili) ජාත්යන්තර වෙළඳපොළට පිවිසීමත් එක්කයි. ක්රන්චිරෝල් ආයතනය තමන්ගේ නොමිලේ නැරඹිය හැකි සේවාව නවත්වලා, මාසික ගාස්තුත් වැඩි කරපු නිසා ගොඩක් රසිකයන් ඉන්නේ කලකිරීමෙන්. මේ වෙලාවේ බිලිබිලි ආයතනය තමන්ගේ ඇනිමෙ සහ චීන ඩොන්ගුවා (Donghua) එකතුව නොමිලේම වගේ රසිකයන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේක ඇත්තටම ක්රන්චිරෝල් එකට ලොකු පහරක් වෙලා තියෙනවා.
බිලිබිලි කියන්නේ නිකම්ම ඇනිමෙ විතරක් තියෙන තැනක් නෙවෙයි, ඒක යූටියුබ් වගේම ඇනිමෙ ස්ට්රීමින් සේවාවක එකතුවක්. මෙතනදී ඔයාලට ජපන් ඇනිමෙ වගේම ගේමින් වීඩියෝ සහ තවත් නිර්මාණ ගොඩක් බලන්න පුළුවන්. දැනටමත් Solo Leveling, Jujutsu Kaisen වගේ ජනප්රිය ඇනිමෙ ගොඩක් මෙහි අන්තර්ගතයි. ඇන්ඩ්රොයිඩ් ඇප් එක හරහා මේ සේවාව පහසුවෙන් ලබාගන්න පුළුවන් වගේම, ඉදිරියේදී iOS සඳහාත් මෙය නිකුත් වෙන්න නියමිතයි. ක්රන්චිරෝල් එකට අමතරව නෙට්ෆ්ලික්ස් (Netflix) ආයතනයත් ඇනිමෙ ක්ෂේත්රයේ දිනෙන් දින දියුණු වෙන නිසා, බිලිබිලිගේ මේ ආගමනය ඇනිමෙ ලෝකයේ ලොකු වෙනසක් ඇති කරන බව නම් පැහැදිලියි.

Discussion & Feedback