පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් සහභාගී වන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය බව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වෙලා ඉවරයි. ස්පාඤ්ඤය සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කිව්වේ, මෙය තමන්ගේ අවසන් ලෝක කුසලානය වුණත්, හෙට දිනය තමන්ගේ අවසන් තරගය නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. 2030 වසරේදී පෘතුගාලය, ස්පාඤ්ඤය සහ මොරොක්කෝව එක්ව ලෝක කුසලානය පැවැත්වුවත්, තමන් ඊට සහභාගී නොවන බවත් ඔහු තහවුරු කළා.
තමන්ගේ විශිෂ්ට පාපන්දු දිවිය ගැන අදහස් දක්වමින් රොනාල්ඩෝ කිව්වේ, තමන් මේ ක්‍රීඩාවට උපරිමයෙන්ම කැපවී කටයුතු කළ බවත්, ඒ ගැන තමන්ට තියෙන්නේ ලොකු තෘප්තියක් බවත්ය. තමන් පාපන්දු ක්‍රීඩා කරන්නේ මුදල් හෝ වෙනත් දේකට වඩා ඒ කෙරෙහි තියෙන දැඩි ආශාව නිසා බවත් ඔහු සඳහන් කළා. මේ තරගාවලියේදී මේ වන විටත් ගෝල තුනක් ලබා ගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා. තරුණ ක්‍රීඩක ලැමින් යමාල් ගැනත් අදහස් දැක්වූ රොනාල්ඩෝ, ඔහුට ඉතා හොඳ අනාගතයක් තියෙන බවත්, ඕනෑම ක්‍රීඩකයෙක් දිගු ගමනක් යන්න නම් විවේචනවලට වඩා තමන්ගේ ආශාව සහ රසිකයන්ගේ ආදරය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් වැඩිදුරටත් පවසා සිටියා.

Discussion & Feedback