පාපන්දු ක්‍රීඩාවේ සුපිරි තරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ දිගුකාලීන පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්රිගස් සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා. පෘතුගාලයේ කැස්කයිස් නගරයේ පැවති ඉතාමත් රහසිගත සිවිල් උත්සවයකදී ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බවයි වාර්තා වෙන්නේ. රොනාල්ඩෝ තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මංගල මුදු පැළඳ සිටින අත් දෙකක් සහිත ඡායාරූපයක් පළ කරමින් මේ බව ලොවටම දැනුම් දුන්නා. මේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිය අතර, මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළ මිලියන තුනකට අධික පිරිසක් එයට ප්‍රතිචාර දක්වා තිබීම විශේෂත්වයක්.
මොවුන් දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වුණේ මීට වසර දහයකට පෙර මැඩ්රිඩ් නුවර පිහිටි ගුචි වෙළඳසැලකදීයි. එදා රොඩ්රිගස් එහි සේවය කරමින් සිටියදී හමුවූ ඔවුන් දෙදෙනා අද වන විට දරුවන් පස් දෙනෙකුගෙන් යුත් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනවා. පසුගිය වසරේ අගෝස්තු 11 වන දින ඔවුන් සිය විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, මේ වන විට ඔවුන්ගේ විවාහ මංගල්‍යය ද සාර්ථකව අවසන් කර තිබෙනවා. ලොව පුරා සිටින රොනාල්ඩෝගේ රසික රසිකාවියන් මේ සුබ ආරංචියට විශාල සතුටක් පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් සිටිනවා.

Discussion & Feedback