ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගියත්, මෙරට ඉන්ධන මිල ගණන් දැනට වහාම ඉහළ දැමීමට තීරණයක් ගෙන නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ රතු මුහුද ආශ්රිත ගැටලු නිසා මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 104.06ක් ලෙසත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් වැනි අගයකත් මේ වන විට වෙළඳාම් වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කර ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවයි. සාමාන්‍යයෙන් මස අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතව තිබෙන නිසා, ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති. කෙසේ වෙතත්, රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවත්, අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බවත් ඔහු වැඩිදුරටත් තහවුරු කළා.
සමහර පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් ඩීසල් නිකුත් කිරීම සීමා කර ඇති බවට වාර්තා වුණත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වල කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා. ජනතාව කලබල විය යුතු නැති බවත්, පවතින තත්ත්වය පිළිබඳව රජය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවත් බලධාරීන් පවසනවා.

Discussion & Feedback