ප්‍රසිද්ධ රේසිං ක්‍රීඩක දිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ව්‍යාජ ඔප්පු මගින් කොළඹ ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවක් සිදුකළා කියන චෝදනාව සම්බන්ධයෙන්. හැබැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මේ පුද්ගලයින්ව සැකකරුවන් ලෙස නම් කරලා පසුව ගමන් තහනමක් ඉල්ලන්න කියලා. මේ සිද්ධියට අදාළව දැනටමත් පන්නිපිටියේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා.
මේ පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන විදිහට, කොළඹ 7 බාන්ස් පෙදෙසේ රුපියල් බිලියන 2.5ක් වටිනා ඉඩමක් රුපියල් බිලියනයකට විකුණලා තියෙනවා. මේ ගනුදෙනුවෙන් ලැබුණු මුදල් අනෙක් සැකකරුවන් බෙදාගෙන තියෙන අතරේ, දිලන්ත මාලගමුව මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන 14ක් ලබාගෙන තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ වාහන ලබාගැනීම සහ මුදල් ගනුදෙනු ගැන තවදුරටත් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ වගේම, රිමාන්ඩ් භාරයේ ඉන්න සැකකරුගේ අසනීප තත්ත්වය ගැන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරලා තියෙනවා.

Discussion & Feedback