ඉදිරියේදී එනම් 2026 අගෝස්තු 12 වැනිදා ලෝකයටම දකින්න ලැබෙන මේ අපූරු පූර්ණ සූර්යග්රහණය ගැන දැන් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ග්රීන්ලන්තය, අයිස්ලන්තය සහ උතුරු ස්පාඤ්ඤය වගේ රටවලට මේ දසුන ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. සූර්යග්රහණය සිදුවන වෙලාවට හිරු සඳුගෙන් වැසී ගොස් අහස තරමක් අඳුරු වෙන නිසා, ඒ වෙලාවටම උතුරු අහසේ දකින්න ලැබෙන ‘නෝදන් ලයිට්ස්’ හෙවත් උත්තර ධ්රැව ආලෝක රටාත් දකින්න ලැබෙයිද කියන එක තමයි දැන් තියෙන ලොකුම කුතුහලය.
තාරකා විද්යාඥයන් කියන විදිහට නම්, මේ දේ සිදුවෙන්න නම් ඉතාම දුර්ලභ තත්ත්වයන් කිහිපයක් එකවර පෙළගැසෙන්න ඕනේ. සාමාන්යයෙන් සූර්යග්රහණයකදී අහස අඳුරු වුණත්, ඒක සම්පූර්ණ රාත්රියක් වගේ අඳුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම ප්රබල භූ චුම්භක කුණාටුවක් (Geomagnetic storm) ඇති වුණොත් විතරයි දහවල් කාලයේදී වුණත් මේ ආලෝක රටා දකින්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම G4 හෝ G5 මට්ටමේ ප්රබල සූර්ය ක්රියාකාරකම් සිදුවුණොත් විතරයි මේ වගේ අපූරු දසුනක් අහසේ මැවෙන්න ඉඩ තියෙන්නේ.
කෙසේ වෙතත්, සූර්යයාගේ පිටත වායුගෝලය වන කොරෝනා වල දීප්තිය නිසා අහසේ වෙනත් තැන්වල මේ ආලෝක රටා දකින්න ලැබුණත්, සූර්යයාට ආසන්න ප්රදේශවල ඒවා දකින්න ලැබීම නම් හරිම අමාරුයි. කොහොම වුණත්, මේ වගේ දුර්ලභ දසුනක් දකින්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඒ නිසා අගෝස්තු 12 වැනිදා අහස දෙස බලා ඉන්න අයට සමහරවිට ජීවිතේ එකම එක වතාවක් දකින්න ලැබෙන මේ අපූරු දසුන දැකගන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන්.

Discussion & Feedback