2026 වසරේ අගෝස්තු 12 වැනිදා සිදුවන පූර්ණ සූර්යග්රහණය ග්රීන්ලන්තය, අයිස්ලන්තය සහ උතුරු ස්පාඤ්ඤය හරහා ගමන් කරනවා. මේ අපූරු දසුන දකින අතරතුර, අහසේ උත්තර ධ්රැව ආලෝකය හෙවත් ‘නෝදන් ලයිට්ස්’ (Northern Lights) දර්ශනය වෙයිද කියන එක දැන් බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙනවා. සාමාන්යයෙන් සූර්යග්රහණයකදී අහස අඳුරු වුණත්, එය රාත්රියක් තරම් අඳුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආලෝක රටා දැකගන්න නම් ඉතාම දුර්ලභ තත්ත්වයක් උදාවෙන්න ඕනේ.
තාරකා විද්යාඥයන් පවසන විදිහට, සූර්යග්රහණය අතරතුර උත්තර ධ්රැව ආලෝකය දකින්න ලැබෙන්නේ පෘථිවිය ඉතා ප්රබල භූ-චුම්භක කුණාටුවකට (Geomagnetic storm) ලක් වුණොත් විතරයි. සූර්යයාගෙන් පිටවන දැඩි ශක්තිය පෘථිවියේ චුම්භක ක්ෂේත්රය සමඟ ගැටීමෙන් මේ ආලෝක රටා අසාමාන්ය ලෙස දීප්තිමත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම G4 හෝ G5 මට්ටමේ ප්රබල කුණාටුවක් ඇති වුණොත් පමණයි සූර්යග්රහණයේ අඳුර මැද මේ ආලෝකයන් දකින්න ලැබෙන්නේ. සූර්යයාගේ කොරෝනා කලාපයේ දීප්තිය නිසා ආලෝක රටා පෙනෙන්නේ සූර්යග්රහණය සිදුවන ස්ථානයට තරමක් ඈතින් තියෙන අහසේ විතරයි.
කෙසේ වෙතත්, මෙය ඉතාම දුර්ලභ අත්දැකීමක්. මීට පෙර 2015 වසරේදීත් මෙවැනි උත්සාහයක් ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. ඒ නිසා 2026 අගෝස්තු මාසයේදී මේ අපූරු දසුන් දෙකම එකවර දකින්න ලැබුණොත් එය අභ්යවකාශ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී සිදුවීමක් වේවි.

Discussion & Feedback