අඟහරු ග්රහයා මත අතීතයේ ජීවය පැවතුණාද යන්න සොයා බැලීම සඳහා යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය විසින් ‘රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින්’ නමින් රෝවරයක් අඟහරු වෙත යැවීමට සූදානම් වෙනවා. විද්යාඥයන් විශ්වාස කරන්නේ අඟහරු මතුපිට ඇති මැටි තට්ටු තුළ පුරාණ ජීවීන්ගේ සලකුණු සැඟවී තිබිය හැකි බවයි. විශේෂයෙන්ම ‘ඔක්සියා ප්ලැනම්’ නම් ප්රදේශයේ විශාල වශයෙන් මැටි නිධි පවතින බව සොයාගෙන ඇති අතර, මීට වසර බිලියන ගණනකට පෙර මෙහි ජලය බහුලව තිබූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. මෙම මැටි තට්ටු මගින් අඟහරුගේ අතීත දේශගුණය සහ ජලයේ රසායනික වෙනස්කම් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරගන්න පුළුවන්.
මෙම මෙහෙයුම 2028 වසරේදී දියත් කිරීමට නියමිතයි. රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින් රෝවරය සතු විශේෂිත උපකරණ සහ විදුම් යන්ත්ර මගින් අඟහරු මතුපිටට පහළින් ඇති පස් සාම්පල පරීක්ෂා කිරීමට නියමිතයි. අතීතයේ අඟහරු මත ගංගා සහ විල් පැවති බවට විද්යාඥයන් දැනටමත් අනුමාන කරනවා. එබැවින් මෙම මැටි නිධි තුළින් ජීවයේ මූලික සාධක සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඔවුන් දැඩි බලාපොරොත්තුවකින් පසුවෙනවා. මෙය අඟහරු මත ජීවය සෙවීමේ ගමනේ තීරණාත්මක පියවරක් වනු ඇති අතර, පෘථිවියෙන් පිටත ජීවයක් පිළිබඳ අපේ දැනුම තවදුරටත් පුළුල් කිරීමට මෙම මෙහෙයුම ඉවහල් වේවි.

Discussion & Feedback