විශ්වයේ තියෙන අභිරහස්ම දේ තමයි ‘ඩාර්ක් මැටර්’ හෙවත් අඳුරු පදාර්ථ. මේවා අපිට පේන්නේ නැති වුණාට, සාමාන්‍ය පදාර්ථ වගේ පස් ගුණයක් විතර මේවා විශ්වයේ තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඉතින් මේ අඳුරු පදාර්ථ සෑදිලා තියෙන්නේ ‘ඩාර්ක් ෆෝටෝන්’ (Dark Photons) කියන අංශු වලින් වෙන්න පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා. කලින් විද්‍යාඥයන් හිතාගෙන හිටියේ මේ ඩාර්ක් ෆෝටෝන් අංශු මුල් කාලීන විශ්වය ගොඩක් රත් කරන්න හේතු වෙනවා කියලා, ඒ නිසා ගොඩක් අය මේ අදහස බැහැර කරලා තිබුණා.
නමුත් මේ අලුත් පර්යේෂණයෙන් පෙන්නලා දෙනවා ඒ අදහස වැරදි වෙන්න පුළුවන් කියලා. පරිගණක ආකෘති පාවිච්චි කරලා කරපු පරීක්ෂණ වලදී පෙනී ගිහින් තියෙනවා, මේ ශක්ති පරිවර්තනය වෙද්දී ඇතිවෙන සංකීර්ණ ක්‍රියාවලීන් නිසා විශ්වය රත් වීම ඉක්මනින්ම නතර වෙනවා කියලා. මේ සොයාගැනීමත් එක්ක ඩාර්ක් ෆෝටෝන් ගැන හොයන්න තිබුණ සීමාවන් ගොඩක් ලිහිල් වෙලා තියෙනවා. ඒ කියන්නේ, අඳුරු පදාර්ථ ගැන හොයන විද්‍යාඥයන්ට දැන් අලුත් මාර්ග ගොඩක් විවෘත වෙලා තියෙනවා.
මේ පර්යේෂණයට සම්බන්ධ වෙච්ච විද්‍යාඥයන් කියන විදිහට, කලින් තිබුණ ගණනය කිරීම් වලදී මේ ක්‍රියාවලිය සරල රේඛීය එකක් විදිහට තමයි සලකලා තියෙන්නේ. නමුත් ඇත්තටම ඒක ගොඩක් සංකීර්ණයි. කොහොම වුණත්, මේ අලුත් සොයාගැනීම විශ්වයේ තියෙන අඳුරු පදාර්ථ මොනවාද කියලා තේරුම් ගන්න ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විද්‍යා ලෝකය බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback