අභ්‍යවකාශයේ තියෙන අඳුරු පදාර්ථ හෙවත් ‘ඩාර්ක් මැටර්’ (Dark Matter) කියන්නේ තවමත් විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. මේවා ආලෝකය එක්ක කිසිම සම්බන්ධයක් නැති නිසා අපිට ඒවා දකින්න බැහැ. හැබැයි අලුත්ම පර්යේෂණයකින් කියවෙන්නේ ‘ඩාර්ක් ෆෝටෝන්ස්’ (Dark Photons) කියන අංශු ගැන අපි කලින් හිතාගෙන හිටපු දේවල් වැරදි වෙන්න පුළුවන් කියලයි. කලින් විද්‍යාඥයන් හිතුවේ මේ අඳුරු ෆෝටෝන මුල් කාලීන විශ්වයේදී සාමාන්‍ය ෆෝටෝන බවට පත් වෙලා විශ්වය ගොඩක් රත් කරන්න ඇති කියලයි. ඒ නිසා ඒ කාලේ තිබුණු මතය වුණේ ඩාර්ක් ෆෝටෝන්ස් විශ්වයේ පැවතිය නොහැකි බවයි.
නමුත් මේ අලුත් පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ ඒ ක්‍රියාවලිය අපි හිතුවට වඩා වෙනස් විදිහකට සිද්ධ වෙලා තියෙන බවයි. පරිගණක ආකෘති පරීක්ෂා කරද්දී පෙනී ගිහින් තියෙන්නේ, මේ ශක්ති පරිවර්තනය ඉතාම ඉක්මනින් නතර වෙලා තියෙනවා කියලා. ඒ නිසා විශ්වය අධික ලෙස රත් වෙලා නැහැ. මේ සොයාගැනීමත් එක්ක අඳුරු පදාර්ථ හොයන විද්‍යාඥයන්ට දැන් අලුත් බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම අඳුරු පදාර්ථ ගැන අපේ දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ලොකු පෙරළියක්. ඉස්සර අපි බැහැර කරපු බොහෝ දේවල් දැන් ආයෙත් පර්යේෂණයට ලක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේකෙන් විශ්වයේ තියෙන මේ අභිරහස් පදාර්ථ ගැන තවත් බොහෝ දේවල් ඉදිරියේදී දැනගන්න ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback