අපේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 7,500ක් විතර ඈතින් තියෙන ‘කැරිනා’ (Carina) නෙබියුලාව ගැන ඔයාලා අහලා ඇතිනේ. ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මේ අද්භූත නෙබියුලාව ගැන අලුත්ම පින්තූර ටිකක් අරගෙන තියෙනවා. මේ පින්තූරවල විශේෂත්වය තමයි, ඒක හරියට මැණික් ගල් පිරුණු නිධන් පෙට්ටියක් වගේ දිස්වීම. ඒ නිසාම විද්යාඥයෝ මේ කොටසට ‘ට්රෙෂර් චෙස්ට්’ (Treasure Chest) කියලා නමකුත් දාලා තියෙනවා. මේ නිධන් පෙට්ටිය ඇතුළේ තරු 70ක් විතර තියෙනවා. ඒ අතරින් ලොකුම තරුව අපේ සූර්යයා වගේ 19 ගුණයක් විශාලයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ.
මේ තරු පොකුරේ වයස ගැන කලින් හිතාගෙන හිටියේ අවුරුදු ලක්ෂයක් විතර කියලා වුණත්, අලුත්ම දත්තවලට අනුව මේවා අවුරුදු මිලියන 1.3ක් විතර පැරණි ඒවා වෙන්න පුළුවන් කියලා විද්යාඥයෝ කියනවා. මේ වගේ බලගතු දුරේක්ෂවලින් ලැබෙන දත්ත නිසා විශ්වයේ තියෙන රහස් එකින් එක එළියට එනවා. මේ තරු තව තවත් දීප්තිමත් වෙද්දී, මේ නිධන් පෙට්ටිය ඇතුළේ තියෙන තවත් නොදන්නා රහස් අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ඇත්තටම විශ්වය කියන්නේ හරිම පුදුම සහගත තැනක් නේද?

Discussion & Feedback