හොලිවුඩ් සිනමාවේ ජනප්රියම මොන්ස්ටර්වර්ස් (Monsterverse) විශ්වය තවත් පුළුල් කරමින් ඇපල් ටීවී නාලිකාව ගෙන එන අලුත්ම කතා මාලාවට දක්ෂ නිළියන් දෙපළක් වන කොනී නීල්සන් සහ ස්ටානා කැටික් එකතු වෙලා තියෙනවා. මේ කතා මාලාවේ ප්රධාන චරිතය රඟපාන්නේ වයට් රසල්. ඔහු මේ නිර්මාණයේ විධායක නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. දැනට මේ දෙදෙනා රඟපාන චරිත ගැන වැඩි විස්තරයක් එළිදක්වලා නැති වුණත්, රසිකයන් මේ ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.
මේ කතා මාලාව ගෙතෙන්නේ 1984 වසරේ සිදුවන රහසිගත මෙහෙයුමක් වටායි. සෝවියට් දේශය විසින් ලෝකයම විනාශ කරන්න පුළුවන් තරම් බලවත් ටයිටන් කෙනෙක් මුදා හැරීම වැළැක්වීමට උත්සාහ කරන කර්නල් ලී ෂෝගේ කතාව තමයි මෙහිදී අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. වයට් රසල් විසින් රඟපාන මේ චරිතය මීට කලින් ‘මොනාක්: ලෙගසි ඔෆ් මොන්ස්ටර්ස්’ කතා මාලාවෙත් අපි දැක්කා. වයට් රසල්ගේ පියා වන කර්ට් රසල් විසින් එහි වැඩිහිටි චරිතය රඟපෑ අතර, වයට් තරුණ ලී ෂෝගේ චරිතයට පණ පෙව්වා.
මේ කතා මාලාව සඳහා මීට පෙර මිලි බ්රැඩි, පිලූ ඇස්බෙක් සහ කොරී ස්ටෝල් වැනි ප්රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙන බවත් නිවේදනය කරලා තියෙනවා. ජොබි හැරල්ඩ්ගේ අධ්යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් හැඩවෙන මේ නිර්මාණය, ගොඩ්සිල්ලා සහ කොන්ග් වැනි දැවැන්තයන්ගේ ලෝකය තවත් රසවත් කරාවි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ. ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත ‘ගොඩ්සිල්ලා x කොන්ග්: සුපර්නෝවා’ චිත්රපටයත් එක්ක මේ මොන්ස්ටර්වර්ස් ලෝකය තවත් උණුසුම් වේවි.

Discussion & Feedback